Monday, September 19, 2016

සින්ඩරෙල්ලා..

සොයුරියන්ගෙ වැඩපල කර
අහවර වී මම එන්නම්..
නපුරු කුඩම්මාට හොරෙන්
රැලි ගවුමින් සැරසෙන්නම්..
සුරඟන මව මවා දුන්න
රථයෙ නැගී මම එන්නම්..
කුමාරයනි ඔබ අතගෙන
නැටුමට මා අද එන්නම්..

~මුදී~

No comments:

Post a Comment