නොහඩන්න ඔබ නොවෙයි වැරදී..
හිරු සැඟව යන මොහොත පාසා
එපා ගයනට එලෙස දුක් ගී..
කවුළුවෙන් දකිනා සොදුරු ලොව
දිනක වැටහෙයි ඔබට කුමරී..
වසා දැමුවත් ඔබට ලෝකය
ඔබ වේවි එහි දිනෙක රැජිනී..
මව් සෙනෙහස ඔබේ
හද පතුලේ රන්දා..
දුකකදි දෙනෙත් සඟවා
කඳුළැලි බින්දා..
අමතක නොවේ හිදිනෙමි ඔබ
සිත් රන්දා..
සෙනෙහස් සයුර අක්කේ
ඔබ වූ හින්දා..
~මුදී~
තනිවී හඬනා පුංචි බිළිදු හට
සෙනෙහස ඔබ තුරුලේ..
මව් ගණයෙන් මුළු සිතම පිරී ඇත
ඒ දුක හඳුනන සේ..
දරු සෙනෙහසකට භේදය නොසිතුව
ඔබගේ හද මඬලේ..
කරුණා ගුණයෙන් පිරිපුන් උතුම්ම
හදවත ඔබ සතු වේ..
~මුදී~
සොයුරියන්ගෙ වැඩපල කර
අහවර වී මම එන්නම්..
නපුරු කුඩම්මාට හොරෙන්
රැලි ගවුමින් සැරසෙන්නම්..
සුරඟන මව මවා දුන්න
රථයෙ නැගී මම එන්නම්..
කුමාරයනි ඔබ අතගෙන
නැටුමට මා අද එන්නම්..
~මුදී~
ගලා ගිය ගං වතුර
පුංචි සිත රිදෙව්වද..
වතුර බේරෙයි ගතේ
සීතලෙන් වෙව්ලුවද..
හම්බවුණ කිරි කහට
කුස ටිකක් පිරෙව්වද..
ගෙනාවෙමි බත් කටක්
දෝණි නුඹ ඉන්නවද..
~මුදී~
පහන් කූඩුවේ
මුදු මොලොක් ආලෝකය
හාත්පසෙහිම විහිදා..
ඔකුසාවා නවාතැන
මනස ඉදිරියේ මැවුනා..
නොරිකො සං
ඔබ......
සෙවනැලි අතරින්
නොපෙනී ගියා..........
~මුදී~